Computer Networks - part 1
What is a computer Network ?
අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න. ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක. මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ.
• පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම.
• ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
• මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
මීට අමතර වාසි රැසක් අපට අන්තර්ජාලය භාවිතයේදී ලබා ගත හැකි අතර ඒවා මෙම පාඩමේ පසුවට සාකච්ඡා කෙරෙනු ඇත
Network Types
පරිගණක , පරිගණක ජාලයකට සම්බන්ධ කෙරී ඇති පරිගණක ප්‍රමාණය අනුව , ඒවායේ විහිදීම අනුව , භාවිතාව අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් ,
- PAN - Personal Area Networks
- LAN - Local Area Networks
- MAN - Metropolitan Area Networks
- WAN- Wide Area Networks
· p
- Personal Area Network (PAN)
- Local Area Network (LAN)
- Wide Area Network (WAN)
- Metropolitan Area Network (MAN)
RSS Feed
0 Response to "Computer Networks - part 1"
Post a Comment